නිවසේ ඇති කළ සුනඛයෙකු සපාකැමෙන් බරපතල තුවාල ලැබු වයෝවෘද්ධ මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (09) පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, කොදාගොඩ ගමගේ දයාවති (76) නැමති අහංගම දිගබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සුනඛයා විසින් එම මවගේ පපු ප්‍රදේශය සපා කා බරපතල තුවාල සිදුකර ඇති අතර ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
ඇය දියවැඩියාව හා අධික රුධිරපිඩනය යන රෝග වලින් දැඩිලෙස පීඩාවට ලක්ව සිටි තැනැත්තියකි.
නිවසේ ඇති කරණු ලබන සුනඛයා ගැටගසා සිටියදී මව සපාකා ඇති බව හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණ වී තිබේ.
මියගිය මවගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසිමරණ පරික්ෂක මහේෂ් කරුණාරත්න විසින් සිදුකරණු ලැබීය.

සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා