Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෙම් සබඳතාවය නතර කළාට සුරූපී පෙම්වතියට පිහියෙන් ඇණ මරා දාලා

3 years ago

පිහියකින් සිදුකළ පහරදීමකින් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී තරුණියක් ඝාතනයට ලක්ව ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි තරුණියකි.

ඇයගේ 24 හැවිරිදි වියේ පසුවූ පෙම්වතා විසින් බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

අදාළ පෙම්වතා කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ උදෑසන සැකකාර පෙම්වතා තරුණියගේ නිවස වෙත පැමිණ තිබෙනවා.

ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී සැකකාර පෙම්වතා සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමෙන් අනතුරුව අදාළ පෙම්වතා විසින් පෙම්වතියගේ පපු පෙදෙසට, හිසට, යටි බඩ පෙදෙසට, අතට ආදී හය පොළකට ඇන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඝාතනය සිදුකිරීමත් සමග සැකකාර පෙම්වතා එම ස්ථානයේ පළායාමට උත්සාහ දරා ඇති බවත් එහිදී ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව ඔහුව අල්ලා පිළියන්දල පොලීසියට භාරදී ඇති බවටත් තොරතුරු වාර්තාවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඝාතනය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *