පිහියකින් සිදුකළ පහරදීමකින් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී තරුණියක් ඝාතනයට ලක්ව ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි තරුණියකි.
ඇයගේ 24 හැවිරිදි වියේ පසුවූ පෙම්වතා විසින් බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.
අදාළ පෙම්වතා කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ උදෑසන සැකකාර පෙම්වතා තරුණියගේ නිවස වෙත පැමිණ තිබෙනවා.
ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී සැකකාර පෙම්වතා සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී තිබෙනවා.
දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමෙන් අනතුරුව අදාළ පෙම්වතා විසින් පෙම්වතියගේ පපු පෙදෙසට, හිසට, යටි බඩ පෙදෙසට, අතට ආදී හය පොළකට ඇන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
ඝාතනය සිදුකිරීමත් සමග සැකකාර පෙම්වතා එම ස්ථානයේ පළායාමට උත්සාහ දරා ඇති බවත් එහිදී ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව ඔහුව අල්ලා පිළියන්දල පොලීසියට භාරදී ඇති බවටත් තොරතුරු වාර්තාවෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඝාතනය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක
රිමාන්ඩ් භාරයේ සිටින CI වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කරයි
බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට! සතියක් තුළ 16%කින් පහළට!
ගල්නෑව නිවසකටත් පැන්න අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්
ජනපතිගේ දීපවාලි දින පණිවිඩය
අද ලොකු වැස්සක්
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වෙන දිනය ගැන දැනුම්දීමක්
කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!