තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සමග හෙට(14) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව දෙරට අතර පැවැති 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා සිටි වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත්. එනම් පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් හා ජයි රිචර්ඩ්සන් යන ක්‍රීඩකයින්.
වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ට පළමු එක්දින තරග කිහිපයද අහිමි වී ඇත්තේ පළමු 20යි 20 තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධය හේතුවෙන්.
ඔහු වෙනුවට සංචිතයට ආදේශ කළ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන කේන් රිචර්ඩ්සන් ද මේ වන විට පාදයක ආබාධයකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන බවත් ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් සදහන් කළා.
කේන් රිචර්ඩ්සන්ට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බව සදහන්.
කේන් වෙනුවට ස්කොට් බෝලන්ඩ් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ආබාධයකට ලක් වීම හේතුවෙන් 20යි 20 තරගාවලිය ආරම්භයට ද පෙර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් ඇබෝර්ට් හට ද ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුවුණා.
එමෙන්ම මේ වන විට මිචෙල් මාෂ් ද ආබාධයකට ලක්ව සිටිනවා.
පළමු එක්දින තරගයට නම් කළ කණ්ඩාමේ සිටින ප්‍රධානම දග පන්දු යවන්නා වන්නේ ඇෂ්ටන් ඒගාර්.
තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ග්ලේන් මැක්ස්වෙල් හා මර්කස් ස්ටොයිනිස් කණ්ඩායමට නම් කර තිබෙනවා.
කඩුලු රකින පිතිකරු ලෙස ඇලේක්ස් කෙරී කණ්ඩායමට ඇතුළත්. ආරම්භක පිතිකරුවන් වන්නේ ඩේවිඩ් වෝනර් හා නායක ආරෝන් ෆින්ච්.
ස්ටීවන් ස්මිත් හා මර්නස් ලබුෂේන් අංක 3 හා අංක 4 පිතිකරුවන් ලෙස පන්දුවට පහර දෙනු ඇති.
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
Australia XI: Aaron Finch (c), David Warner, Steve Smith, Marnus Labuschagne, Marcus Stoinis, Glenn Maxwell, Alex Carey (wk), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි