පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය.
මෙම සැකකරුවන් අද (22) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මරදාන පොලීසියට භාරවීමෙන්
අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
පසුගිය මස 9 වනදා සහ 10 වනදා කොළඹ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදුකළ විරෝධතාවලින්
අනතුරුව ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන්වලට අදාළව රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු 9
දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
පොලිසියට පසුගියදා නියෝග කරනු ලැබුවා.
ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි,
පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ද අත්අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එහි දී නියෝග කෙරුණේ.
ඒ අනුව අද දිනයේ පූජ්‍ය පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර්වි ශ්වවිද්යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හැර අනෙකුත් පිරිස පොලීසියට භාර වුණා.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
‘සරසවි දිරියෝ අභිමන්’ සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා