පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය.
මෙම සැකකරුවන් අද (22) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මරදාන පොලීසියට භාරවීමෙන්
අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
පසුගිය මස 9 වනදා සහ 10 වනදා කොළඹ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදුකළ විරෝධතාවලින්
අනතුරුව ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන්වලට අදාළව රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු 9
දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
පොලිසියට පසුගියදා නියෝග කරනු ලැබුවා.
ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි,
පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ද අත්අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එහි දී නියෝග කෙරුණේ.
ඒ අනුව අද දිනයේ පූජ්‍ය පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර්වි ශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හැර අනෙකුත් පිරිස පොලීසියට භාර වුණා.

RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් පත් කෙරේ
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාවට ඇමතිගෙන් පිළිතුරු
චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම්!
අනුරාධපුර පූජා භූමි සංවර්ධනය ගැන ජනපති ගත් තීරණය
පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි