ඉදිරියේදී පැමිණීමට නියමිත ඉන්ධන රැගත් නෞකා කිහිපයක් සඳහා හ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේද සහය ඇතිව අදාළ ගෙවීම් ලංකා අයි ඕ සී සමාගමට පූර්ණ වශයෙන් පසුගිය සිකුරාදා දිනයේදී සිදුකල බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මේ බව අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
මේ අනුව ලබන 15 වනදාත් 17 වනදාත් අතර මෙරටට පැමිණීමට නියමිත ඩීසල් රැගත් නෞකාවක් සඳහා මෙන්ම 22 වනදාත් 24 වනදාත් අතර කාලයේදී පැමිණෙන පෙට්‍රල් නෞකාවක් සඳහා මෙලෙස පූර්ණ ගෙවීම් සිදුකර ඇත.
ලබන 15 ත් 17 ත් අතර කාලයේදී පැමිණෙන ඩීසල් නෞකාවක් සහ 17 ත් 19 වනදාත් අතර පැමිණෙන පෙට්‍රල් නෞකාවක් සඳහා වන මූලික ගෙවීම් ද සිදුකර තිබේ.
එයින් ඩීසල් නෞකාවට අදාළ ඉතිරි ගෙවීම අද(11) සිදුකරන බවත් පෙට්‍රල් නෞකාවට අදාළ ඉතිරි ගෙවීම හෙට සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
හෙටත් 15 වනදාත් අතර කාලයේදී ඩීසල් නෞකාවක්ද, 14 ත් 16 ත් අතර කාලයේදී දැවිතෙල් නෞකාවක්ද, 15 ත් 17 ත් අතර කාලයේදි බොරතෙල් නෞකාවක්ද ළගාවීමට නියමිතව තිබේ.
එම නෞකා කොළඹට පැමිණීමෙන් පසුවයි ගෙවීම් සිදුකිරීමට නියමිතව ඇත.

PREVIOUS :

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි