තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.
ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙසේ කැපුම් තුවාල ලබා තිබෙනවා.
අද (05) දින අළුයම් කාලයේ සිද්ධ වූ පහරදීමෙන් පසුව අදාල කාන්තාව සහ පිරිමි පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව ග්‍රැන්ඩ්පාස් පොලිසිය පවසනවා.
එහිදී තුවාලකාරිය වෛද්‍යවරුන් පරීක්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, අනෙක් තුවාලකරු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වනවා.
පොලිසිය පවසන්නේ, මරණකාරිය වයස අවුරුදු 60ක් වූ තැනැත්තියක් බවත් තුවාලකරු වයස අවුරුදු 26ක් වන මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් බවයි.
මරණකාරියගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් ඇගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට හා දෙදෙනා අතර ඇති වූ ආරවුලට මැදිහත් වූ අනෙක් පුද්ගලයාටද මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් පහරදි තිබෙන බව සඳහන් වනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරනවා.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති