තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.
ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙසේ කැපුම් තුවාල ලබා තිබෙනවා.
අද (05) දින අළුයම් කාලයේ සිද්ධ වූ පහරදීමෙන් පසුව අදාල කාන්තාව සහ පිරිමි පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව ග්‍රැන්ඩ්පාස් පොලිසිය පවසනවා.
එහිදී තුවාලකාරිය වෛද්‍යවරුන් පරීක්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, අනෙක් තුවාලකරු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වනවා.
පොලිසිය පවසන්නේ, මරණකාරිය වයස අවුරුදු 60ක් වූ තැනැත්තියක් බවත් තුවාලකරු වයස අවුරුදු 26ක් වන මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් බවයි.
මරණකාරියගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් ඇගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට හා දෙදෙනා අතර ඇති වූ ආරවුලට මැදිහත් වූ අනෙක් පුද්ගලයාටද මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් පහරදි තිබෙන බව සඳහන් වනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරනවා.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්