හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඊයේ (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද යන්න සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“මෙතනදි අපි කිසිම කෙනෙක්ට විශේෂයක් කළේ නෑ. දැනට ජීවත්ව සිටින ජනාධිපතිවරු සහ ඔවුන්ගේ කලාත්‍රයන් සම්බන්ධයෙන් පොදුවේ තමා තීරණය ගත්තේ. හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද වගකීම රජයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වෙනවා. බුද්ධි වාර්තා ඇතුළු ආරක්ෂක වාර්තා සැලකිල්ලට ගන්නවා. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව වාර්තා අධ්‍යයනය කරමින් තමා තීරණ ගනු ලබන්නේ. ඒ වගේම මේ වෙනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන්න තීන්දුවකුත් තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන, ගෝඨාභය ගැන ඇහුවේ නෑනේ. එයත් ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්. ඒ සියල්ල සැලකිල්ලට ගෙන තමා මෙය ක්‍රියාත්මක කරන්නේ.
1986 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මේ පනත් කෙටුම්පත සකස් කිරීමේ දී විශ්‍රාම යන ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගන්න ඇති. ඒ නිසා තමා ඔවුන් එවැනි ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු නිවස සහ එවැනි නිවසක් ලබානොදෙන්නේ නම් ලබාදිය යුතු ප්‍රතිපාදන ගැන පැහැදිලිවම පනත් කෙටුම්පතේ සැලකිලිමත් වෙලා වෙන්න ඇති. අපි ඒ සියල්ල ගැන සැලකිලිමත් වෙමින් මේ පනත අහෝසි කරලා නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.”

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!