ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබීය.
ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු, ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වෙයි.
ඔහු විවෘත වරෙන්තු 16ක්, ගුවන් ගමන් තහනම් 24ක් මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනද ලැබූවෙකි.
කලක් ඩුබායි හි සැඟව සිටි ඔහු ග්‍රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබූ අවස්ථාවේ ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
දිවයිනට රැගෙන ආ “රාජු ” වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගොස් තිබේ.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!
බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්