ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතු යැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය ඊයේ (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.
එමගින් අවධාරණය කර ඇත්තේ, දූෂිත අමාත්‍යවරයාත්, අමාත්‍යංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම හරහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් රටට සිදුකළ බිලියන ගණනක පාඩුව ජන මනසින් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කර ඇති බවය.
ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම සිදුකළ මෙම දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා, ලේකම්වරයා පමණක් නොව ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ගතහැකි සියලු පියවර ගන්නා බවත් සමගි ජන බලවේගය නිකුත්කළ නිවේදනයේ සඳහන්ය.
මේ අතර මේ සම්බන්ධයෙන් ‘X’ සටහනක් තබමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්ත ද එය ප්‍රමාද වැඩි බවය.
ගල්අඟුරු වංචාව දැනටමත් ජාතියට මිලියන ගණනක් අහිමි කර ඇති බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස්වුවද සිදුවූ පාඩුවට කරන්නේ කුමක්ද යන්න අපැහැදිලි බවත් එමගින් සඳහන් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ, කුමාර ජයකොඩි මහතාට
අතීත දූෂණ චෝදනා තිබියදීත්, මෙතරම් බලවත් අමාත්‍යාංශයකට පත්කිරීමේ වගකීම ජනපති භාරගත යුතු බවය.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!
බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්