සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහන (National STD/AIDS Control Programme) මඟින් ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට HIV/ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STI) වැළැක්වීමේ ක්‍රමවේද ඇතුළත් කිරීමට නිර්දේශ කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මඟින් 10 ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට කොන්ඩම් භාවිතය, ආසාදනය වීමට පෙර ආරක්ෂාව (PrEP), සහ ආසාදනය වීමෙන් පසු ආරක්ෂාව (PEP) වැනි වැළැක්වීමේ ක්‍රමවේද ඇතුළත් කිරීමට නියමිතයි. මෙම පියවර මඟින් වත්මන් විෂය නිර්දේශයේ ඇති අඩුපාඩු පිරවීම සඳහා සිසුන්ට ඔවුන්ගේ වයසට සුදුසු, සාක්ෂි මත පදනම් වූ දැනුම ලබා දීම අරමුණු කරයි.
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය ඩේලි මිරර් පුවත්පතට පැවසුවේ, දැනට භාවිත වන විද්‍යා සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පෙළපොත්වල HIV ආසාදනය වැළැක්විය හැක්කේ “වගකිවයුතු ලිංගික හැසිරීම්” තුළින් පමණක් බව සඳහන් වන අතර, ඒ සඳහා නිශ්චිත ජෛව වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම පිළිබඳව විස්තරයක් නොමැති බවයි. ජාතික ඒඩ්ස් මණ්ඩලයේ IEC, Advocacy, සහ Condom Promotion කමිටුව විසින් මෑතකදී සිදුකළ සමාලෝචනයකින් අවධාරණය වී ඇත්තේ මෙම තොරතුරු අඩුව නිසා සිසුන්ට වැදගත් වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොලැබෙන බවයි.
2024 ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ (GSHS) සොයාගැනීම් මෙම ප්‍රතිසංස්කරණයේ හදිසි අවශ්‍යතාව ඉස්මතු කර ඇත.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්