ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු ළඟ එන උත්සව සමයේදී සංසරණය විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ව්‍යාජ මුදල් සංසරණය පිළිබඳ පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රුපියල් 5000 නෝට්ටු වැඩි ප්‍රමාණයක් 2024 වසරේ සහ 2025 වසරේදී මුද්‍රණය වීම් වාර්තා වී ඇතැයිද ඔහු පැවසීය.
2025 වසරේ දී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 535ක් , රුපියල් 2000 නෝට්ටු 2ක්, රුපියල් 1000 නෝට්ටු 401ක්, රුපියල් 500 නෝට්ටු 109ක්, රුපියල් 100 නෝට්ටු 4ක් පොලීසිය විසින් සොයාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 2024 වසරේ රුපියල් 5000ව්‍යාජ නෝට්ටු 596ක්, රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 6ක්, රුපියල් 1000 නෝට්ටු 561ක්, රුපියල් 500 නෝට්ටු 193ක්, රුපියල් 100 නෝට්ටු 3ක් සොයා ගෙන ඇතැයිද ඔහු කීය.
“ඔබ දන්නවා බාල, ළමා, මහලු, ආබාධිත සියලුදෙනා හැමවිටකදිම මෙහි වින්දිතයෙක් බවට පත්වෙනවා. ඒ හේතුවෙන් අපි ඉතාම ගෞරවයෙන් මතක් කර සිටිනවා ඔබට සැක සහිත නෝට්ටුවක් පිළිබඳව හිතට දැනුණොත් ඒ පිළිබඳව ළඟම තියෙන පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස…
යම් නෝට්ටුවක යම්කිසි වෙනසක් තිබේ නම් ඔබ වහාම ක්‍රියාත්මක වීම අවශ්‍යයි. එහිදී පළමුවෙන්ම කළ යුත්තේ මුදල් නෝට්ටුවේ ඡායාරූපයක් ගැනීමයි.
පසුව නෝට්ටුවේ ආරක්ෂක දාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගත යුතුයි. එහි දිය සලකුණක් දක්නට ලැබෙයි.කෙසේ නමුත් අපේ පළමු පණිවිඩය තමයි සැක සහිත මුදල් නෝට්ටුවක් ලැබුණොත් ඔබ වහාම ක්‍රියාත්මක විය යුතුයි…”

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි