මේ වනවිට ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිත රෝගීන් 5700ක් පමණ වාර්තා වී ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහතා පවසනවා.
පසුගිය 2010ට සාපේක්ෂව 2024 වසරේ HIV ආසාදිතයින්ගේ 48%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඉන් වැඩි පිරිසක් අවුරුදු 15 – 24 අතර වයස්වල පසුවන්නන් වන අතර එම පිරිස අතර පාසල් දරුවන් ද වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළේ,
“ලංකාව ඇතුලේ 5700ක් HIV සමග ජීවත්වන පුද්ගලයින් ඉන්නවා කියලා අපි ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. අපි පසුගිය අවුරුද්දේ විතරක් 824ක් හදුනාගත්තා.
2010ට සාපේක්ෂව 2024 දී සියයට 48ක වැඩිවීමක් තියෙනවා. පහුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 15 – 24 කියන වයස් කාණ්ඩයේ HIV සමග ජීවත්වන පුද්ගලයින්ගේ අලුත් හදුනාගැනීම් වැඩිවෙලා තියෙනවා.
824ක් 2024 වසරේ අපි හදුනා ගන්නකොට එයින් 115ක්, සියයට 15ක ප්‍රමාණයක් අවුරුදු 15 – 24 කාණ්ඩයේ.”

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි