Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

HIV ගැන භයානක අනාවරණයක්! පාසල් ළමුන් බරපතළ අවදානමක!

3 months ago

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිත රෝගීන් 5700ක් පමණ වාර්තා වී ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහතා පවසනවා.

පසුගිය 2010ට සාපේක්ෂව 2024 වසරේ HIV ආසාදිතයින්ගේ 48%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඉන් වැඩි පිරිසක් අවුරුදු 15 – 24 අතර වයස්වල පසුවන්නන් වන අතර එම පිරිස අතර පාසල් දරුවන් ද වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළේ,

“ලංකාව ඇතුලේ 5700ක් HIV සමග ජීවත්වන පුද්ගලයින් ඉන්නවා කියලා අපි ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. අපි පසුගිය අවුරුද්දේ විතරක් 824ක් හදුනාගත්තා.

2010ට සාපේක්ෂව 2024 දී සියයට 48ක වැඩිවීමක් තියෙනවා. පහුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 15 – 24 කියන වයස් කාණ්ඩයේ HIV සමග ජීවත්වන පුද්ගලයින්ගේ අලුත් හදුනාගැනීම් වැඩිවෙලා තියෙනවා.

824ක් 2024 වසරේ අපි හදුනා ගන්නකොට එයින් 115ක්, සියයට 15ක ප්‍රමාණයක් අවුරුදු 15 – 24 කාණ්ඩ‍යේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *