ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින්, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පළමු වරට පසුකර තිබෙනවා.
ඒ අනුව අද උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4521 සීමාවට ආසන්න වී තිබුණා.
මෙම අසාමාන්‍ය මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඒ අනුව, වෙනිසියුලාව ආශ්‍රිතව පවතින දැඩි භූ-දේශපාලනික උණුසුම සහ අමෙරිකාව විසින් එරට තෙල් නැව්වලට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇති වූ අස්ථාවරත්වයි.
තවද, අමෙරිකානු ෆෙඩරල් බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් පහත හෙළනු ඇතැයි යන අපේක්ෂාවයි.
ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට පෙළඹීම මෙම ඉල්ලුම ඉහළ යාමට හේතු වී තිබෙන බවයි සඳහන් වන්නේ.
රන් මිලට සාපේක්ෂව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි