Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක රන් මිල පසුකළ කඩයිම

3 months ago

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින්, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පළමු වරට පසුකර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4521 සීමාවට ආසන්න වී තිබුණා. 

මෙම අසාමාන්‍ය මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව, වෙනිසියුලාව ආශ්‍රිතව පවතින දැඩි භූ-දේශපාලනික උණුසුම සහ අමෙරිකාව විසින් එරට තෙල් නැව්වලට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇති වූ අස්ථාවරත්වයි.

තවද, අමෙරිකානු ෆෙඩරල් බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් පහත හෙළනු ඇතැයි යන අපේක්ෂාවයි.

ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට පෙළඹීම මෙම ඉල්ලුම ඉහළ යාමට හේතු වී තිබෙන බවයි සඳහන් වන්නේ.

රන් මිලට සාපේක්ෂව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *