තුර්කියේ අන්කාරා නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ් මියගොස් ඇත.
අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් සිටියදී, හමුදා උසස් නිලධාරීන් සිවුදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් එහි සිටි සියලුදෙනාම මරණයට පත්ව තිබේ.
අනතුරට පෙර යානයේ නියමුවන් තාක්ෂණික දෝෂයක් පිළිබඳ ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා හදිසි ගොඩබැස්වීමකට උත්සාහ කර තිබුණද, එයට පෙර යානය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා අල් හඩාඩ් තුර්කියට පැමිණ සිටි අතර, ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ලිබියානු රජය තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි