Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ ඉන්දුනීසියානු ක්‍රීඩකයා

3 months ago

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ එක් පන්දු වාරයක් තුළ කඩුලු 05ක් බිඳ හෙළමින් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකු සමත් වී තිබෙනවා.

ඔහු මෙම සමත්කම දැක්වූයේ කාම්බෝජියාවට එරෙහිව පෙරේදා (23) පැවති තරගයේදීයි.

මෙම දස්කම දැක්වූයේ 28 හැවිරිදි ඉන්දුනීසියානු වේග පන්දු යවන ක්‍රීඩක ග්‍රේඩ් පියන්දනායි.

ඔහු මෙම නව ලෝක වාර්තාව බිහි කළේ කාම්බෝජියානු කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස තරඟයකදීයි.

එහිදී ඔහු තරඟයේ 15 වන පන්දුවාරයේදී කාම්බෝජියා කණ්ඩායමේ කඩුලු 05ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක්ද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්.

එය දැක්වුණේ ලොව එතෙක් මෙතෙක් කාන්තා හෝ පිරිමි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකදී එක් පන්දු වාරයක් තුළ කඩුලු 05ක් බිඳ හෙළු පළමු අවස්ථාව ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *