පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ එක් පන්දු වාරයක් තුළ කඩුලු 05ක් බිඳ හෙළමින් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකු සමත් වී තිබෙනවා.
ඔහු මෙම සමත්කම දැක්වූයේ කාම්බෝජියාවට එරෙහිව පෙරේදා (23) පැවති තරගයේදීයි.
මෙම දස්කම දැක්වූයේ 28 හැවිරිදි ඉන්දුනීසියානු වේග පන්දු යවන ක්‍රීඩක ග්‍රේඩ් පියන්දනායි.
ඔහු මෙම නව ලෝක වාර්තාව බිහි කළේ කාම්බෝජියානු කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස තරඟයකදීයි.
එහිදී ඔහු තරඟයේ 15 වන පන්දුවාරයේදී කාම්බෝජියා කණ්ඩායමේ කඩුලු 05ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක්ද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්.
එය දැක්වුණේ ලොව එතෙක් මෙතෙක් කාන්තා හෝ පිරිමි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකදී එක් පන්දු වාරයක් තුළ කඩුලු 05ක් බිඳ හෙළු පළමු අවස්ථාව ලෙසයි.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ