Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති මහින්ද පදිංචිය මාරු කරයි

3 months ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි කොළඹ පදිංචියට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේ කොළඹට පැමිණ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසක පදිංචි වූ බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කොළඹ 07, විජේරාම පෙදෙසේ පිහිටි රජයේ නිල නිවෙසින් පසුගිය සැප්තැම්බර් 11 වන දින පිටව ගියේ, “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන් හට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟයි.

එලෙස විජේරාම නිවෙසින් පිටව ගිය හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙස වෙත ගොස් මාස තුනකට අධික කාලයක් එහි රැඳී සිටින ලදී.

ආරංචි මාර්ගවලට අනුව එතුමන් යළි කොළඹ පදිංචියට පැමිණ ඇත්තේ දේශපාලන කටයුතු පහසු කර ගැනීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සලකා බැලීම හේතුවෙනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *