හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි කොළඹ පදිංචියට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේ කොළඹට පැමිණ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසක පදිංචි වූ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කොළඹ 07, විජේරාම පෙදෙසේ පිහිටි රජයේ නිල නිවෙසින් පසුගිය සැප්තැම්බර් 11 වන දින පිටව ගියේ, “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන් හට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟයි.
එලෙස විජේරාම නිවෙසින් පිටව ගිය හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙස වෙත ගොස් මාස තුනකට අධික කාලයක් එහි රැඳී සිටින ලදී.
ආරංචි මාර්ගවලට අනුව එතුමන් යළි කොළඹ පදිංචියට පැමිණ ඇත්තේ දේශපාලන කටයුතු පහසු කර ගැනීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සලකා බැලීම හේතුවෙනි.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ