Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරකට ලක්වෙයි

3 months ago

යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී අනතුරකට ලක්ව තිබේ.

අදාළ මෝටර් රථයට නවත්වන ලෙස පොලීසියෙන් සංඥා කොට ඇතත් එම මෝටර් රථය නොනවත්වාම ධාවනය කර ඇත.

එහිදී පොලීසියෙන් මෙම මෝටර් රථය හඹා යාමේ දී එය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය ආසන්නයේ තිබූ වෙළඳසැල් දෙකකට කඩා වැදී තිබේ.

මෙම අනතුරින් වෙළඳසැළක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවේය.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමතින් රිය ධාවනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *