යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී අනතුරකට ලක්ව තිබේ.
අදාළ මෝටර් රථයට නවත්වන ලෙස පොලීසියෙන් සංඥා කොට ඇතත් එම මෝටර් රථය නොනවත්වාම ධාවනය කර ඇත.
එහිදී පොලීසියෙන් මෙම මෝටර් රථය හඹා යාමේ දී එය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය ආසන්නයේ තිබූ වෙළඳසැල් දෙකකට කඩා වැදී තිබේ.
මෙම අනතුරින් වෙළඳසැළක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවේය.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ.
මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමතින් රිය ධාවනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ