Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තුන් හැවිරිදි දැරියකට මරු කැඳවූ රිය අනතුර

3 months ago

වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් කැබ් රථයක ගැටී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් යතුරුපැදිකරු, පසු පැදිකාරිය ලෙස සිටි ඔහුගේ බිරිඳ සහ අවුරුදු 03ක දැරිය තුවාල ලබා දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී දැරිය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇත. 

අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *