වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් කැබ් රථයක ගැටී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.
මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් යතුරුපැදිකරු, පසු පැදිකාරිය ලෙස සිටි ඔහුගේ බිරිඳ සහ අවුරුදු 03ක දැරිය තුවාල ලබා දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී දැරිය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ