ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින්
පුද්ගලයන් 60කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
වසර 100ක් පමණ පැරණි මෙම පාලම අද පස්වරු 6.40ට පමණ කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අනතුරින් 60කට අධික පිරිසක් මේ වන විටත් මියගොස් ඇති බවයි.
සාත් පූජාවට අදාළ චාරිත්‍ර කිහිපයක් ඉටු කිරීම සඳහා 500ක පමණ පිරිසක් පාලම මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, 100 දෙනෙකු පමණ තවමත් කඩා වැටුණු සුන්බුන් අතර ගඟේ සිරවී සිටින බවටයි සැක කෙරෙන්නේ.
මියගිය පිරිසගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් සහ ළමුන් බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.
තවත් 17 දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන අතර ගුජරාට් ප්‍රාන්ත රජය විසින් මියගිය එක් අයෙකුගේ පවුලට රුපියල් ලක්ෂ 4ක් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!