Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පිම්මක් පනී

1 day ago

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය චීන තායිපේ කණ්ඩායම සමග චීන තායිපේදී පැවැත්වුණා.

මෙම තරගයෙන් ගෝල 3ට 1ක සුපිරි ජයක් හිමිකර ගනිමින් තරගාවලිය නිමා කරන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකියාව ලැබීමත් කැපී පෙනුණා.

චීන තායිපේ කණ්ඩායම පරාජය කළ ද ශ්‍රී ලංකාවට මෙවර ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ.

සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව D කාණ්ඩයේ තරග බිමට පිවිසුණු අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 6කට සහභාගි වී ඉන් තරග 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වීමත් සමගයි.

කෙසේ වෙතත් මෙම ජයත් සමග ශ්‍රී ලංකාව ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් 190 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *