Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

35 minutes ago

පවතින කාලගුණික විපර්යාස සහ ඉදිරියේදී ඇති විය හැකි ‘එල්නිනෝ’ (El Niño) තත්ත්වය හමුවේ රටේ ජල කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය ජලය මුදා හැරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මේ වසරේ අපේක්ෂිත වර්ෂාපතනය සහ දැනට ජලාශවල පවතින ජල ධාරිතාව පිළිබඳ සංඛ්‍යා දත්ත ඇසුරින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ප්‍රධාන අංශ තුනක අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය කළමනාකරණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය:

  • බලශක්ති සැපයුම වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම.
  • මහජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම.
  • යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම.

මෙම අංශයන්හි සමබරතාව රැකෙන පරිදි ජල සම්පත භාවිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, මහවැලි සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *