කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) තුළ රඳවා සිටි සැකකාරියකගේ උපන්දිනය වෙනුවෙන් කේක් කපා සැමරුමක් පැවැත්වීමට සූදානම් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය මාර්තු 29 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ මෙම උපන්දින සැමරුම පැවැත්වීමට සූදානමක් ඇති බවට ලද තොරතුරක් මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් තිබේ. එහිදී එම සැලසුම වැළැක්වීමට කටයුතු කළ ඔහු, ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අදාළ වාර්තාව සලකා බැලූ පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මූලික විනය පියවරක් ලෙස මෙම මාරු කිරීම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොලිස් නිලධාරීන් සිය වෘත්තීය ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කරමින් අවිධිමත් සහ නීත්‍යානුකූල නොවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අමතරව, පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) මඟින් ද මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

වසර 20කට පසු බංග්ලාදේශය දණ ගැස්වූ ශ්‍රී ලංකාව
ඉරාන නාවික බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී ජීවිතක්ෂයට
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙලීමට ඉරානය සමත් වෙයි
කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි
වාහන ආනයනය පහළට
ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට