ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවේදී අවශ්‍ය රුසියානු ඉන්ධන කඩිනමින් සැපයීමට පියවර ගන්නා බවය.
එමෙන්ම රුසියානු ආයෝජකයින් මෙරට නව ආයෝජන සඳහා යොමු කිරීමට මෙන්ම තව තවත් සංචාරකයින් මෙරටට එවීමට උපරිම උත්සාහ ගන්නා බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
තවද දෙරටේ පැරණි මිතුදම වෙනුවෙන් ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට එකඟ වී ඇති ඒ මහතා රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී එකඟතාව පළ කළේය.
ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකින් පසුවන අවස්ථාවක රුසියානු රජය විවිධාකාරයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම දැඩි ලෙස අගය කරන බවද මෙහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.
එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ වසර 70කට ආසන්න කාලයක් තුළ පවතින දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සුදුසුම කාලය එළැඹ ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි කාලයේදී රුසියාව සමග තවත් දීර්ඝ කාලීන වෙළෙඳ ගිවිසුම්වලටත් එළැඹීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කළේය.

මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
A/L වලට A3ක් ගත්ත 14 හැවිරිදි සුමනධම්ම පොඩි හාමුදුරුවෝ! O/L කරලා තියෙන්නේ අවුරුදු 12න්!
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්