ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇරඹී ජාත්‍යන්තර අවධානය දිනාගත් ‘සාමයේ පාගමන’ (Peace March) 2026 අප්‍රේල් මස 21 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. අතිපූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා දොළොස් නමකගෙන් යුත් දූත පිරිසක් මෙම සුවිශේෂී ආගමික සහ සංස්කෘතික චාරිකාව සඳහා නායකත්වය ලබා දෙති.
බුදුන් වහන්සේ දේශනා කළ “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” (මහණෙනි, ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න) යන උතුම් ශ්‍රී සද්ධර්මය මෙම පාගමනේ මූලික පදනමයි.
බලහත්කාරයෙන් සාමය ඇති කළ නොහැකි බවත්, එය සිහිකල්පනාව සහ මෛත්‍රිය පෙරදැරිව පියවරෙන් පියවර වගා කළ යුත්තක් බවත් ප්‍රායෝගිකව ලොවට පෙන්වා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
දිවයින පුරා දින හතක් පුරා දිවෙන මෙම පාගමනේ කාලසටහන පහත පරිදි වේ:
- අප්‍රේල් 21 (සමාරම්භය): පස්වරු 4:00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ වන්දනාවකින් පාගමන ආරම්භ වේ. පස්වරු 5:00 ට රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී ආගමික වතාවත් පැවැත්වේ.
- දඹුල්ල සහ මහනුවර: පාගමන දඹුල්ල රජමහා ලෙන් විහාරය හරහා ඓතිහාසික සෙංකඩගල පුරවරයට ළඟා වේ.
- මහනුවර වැඩසටහන්: මහනුවරදී මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට නියමිතය.
- අනෙකුත් පූජනීය ස්ථාන: නීලගිරි චෛත්‍යය, හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරය සහ මහියංගණ රජමහා විහාරය යන පූජනීය ස්ථාන කරාද මෙම සංචාරය විහිදී යයි.
විශේෂත්වය: මෙම පාගමන සමඟ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය ශාඛාවක් සහ කොළඹ ගංගාරාම විහාරස්ථානයෙන් ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලාද වැඩම කරවනු ලැබේ.
2026 අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන විශේෂ රාජ්‍ය උත්සවයකින් පසු, පූජනීය ධාතූන් වහන්සේලා සහ බෝධි ශාඛාව පෙරහැරකින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.
මීට සමගාමීව, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ සාම්ප්‍රදායික අත්කම් විදහා දක්වන විශේෂ ප්‍රදර්ශනයක් ජාතික නිර්මාණ මධ්‍යස්ථානය විසින් අප්‍රේල් 28 සහ 29 යන දිනවල ගංගාරාම පරිශ්‍රයේදී පවත්වනු ලැබේ.

ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
A/L වලට A3ක් ගත්ත 14 හැවිරිදි සුමනධම්ම පොඩි හාමුදුරුවෝ! O/L කරලා තියෙන්නේ අවුරුදු 12න්!