රාගම ප්රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ, සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බවයි.
පොලිස් විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි ප්රධාන සැකකාරිය සහ තවත් තරුණයන් සිව්දෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා වැලිසර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙළඳ ආයතනයක් තුළ ඇති වූ යම් ආරවුලක් හේතුවෙන් එහි සේවකයන් පිරිසක් විසින් කාන්තාවකගේ හිසකෙස් බලහත්කාරයෙන් කපා දමමින් ඇයට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධ වී තිබුණා.

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි
වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
ඩොලරයේ විකුණුම් මිල රු. 337 ආසන්නයට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට විශේෂ වන්දියක්
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!