2024 පෙබරවාරි 01 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම මිල අද (17) දිනයේ දී වාර්තා වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය අද (17) දිනයේ දී රු. 315.72 ක් ලෙසින් සටහන් වී ඇත.
ඩොලරයේ මිල 2024 පෙබරවාරි 01 දිනෙන් පසු පළමු වරට පසුගිය මාර්තු 31 දින රු. 315 සීමාව ඉක්මවා ගිය අතර එතැන් පටන් ක්රමික ඉහළ යාමක් දක්නට ලැබුණි.
මේ අතර අද (17) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 312.22ක් සහ විකුණුම් මිල රු. 319.74ක් ලෙසින් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් පවසන්නේ 2026 අප්‍රේල් 10 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි.


ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!
බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය