විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් රුපියල් කෝටි 915කට ආසන්න මුදල් ප්‍රමාණයක් රඳවාගෙන තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඒ හේතුවෙන් තත්ත්වයෙන් බාල ගල්අඟුරු සැපයීම හේතුවෙන් පාඩුවක් සිදුව ඇත්තේ, රජයට නොව අදාළ ගල්අඟුරු සැපයුම් සමාගමට බව අමාත්‍ය හෙතෙම පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, නැව් 3කට අදාළව රුපියල් කෝටි 500කට අධික මුදලක් එම සමාගමට ගෙවීමට නියමිතව තිබුණද පරීක්ෂණ වාර්තා අසමත් වූ බැවින් එම ගෙවීම් සිදුනොකරන බවය.
එමෙන්ම අදාළ සමාගම සමග ඇතිකර ගත් කාර්යසාධන බැඳුම්කරය අනුව රුපියල් කෝටි 450ක මුදලක් පවතින බවත්, ඒ අනුව රුපියල් කෝටි 960ක් මෙරට සතුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!
බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය