කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කිරීම පිළිබඳව හිරු නාලිකාව අමාත්‍යවරයා වෙත සිය කණගාටුව පළ කර තිබේ.
අදාළ නාලිකාව විසින් මීට පෙර අමාත්‍යවරයාගේ වත්කම් සම්බන්ධයෙන් පළ කළ තොරතුරු තම කීර්තිනාමයට අපහාස වන අයුරින් අසත්‍ය ලෙස වාර්තා කර ඇති බව අමාත්‍ය ලාල්කාන්ත මහතා චෝදනා කළේය.
ඒ සම්බන්ධයෙන් ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් හිරු නාලිකාවට රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් (Letter of Demand) යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
එම එන්තරවාසියට ප්‍රතිචාර දක්වමින් හිරු නාලිකාව විශේෂ පුවත් විකාශයක් මඟින් ප්‍රකාශ කළේ, අදාළ තොරතුරු වාර්තා කිරීමේදී සිදු වූ දෝෂය සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බවයි.
අමාත්‍යවරයාගේ වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු යළි අවධාරණය කරමින්, මීට පෙර පළ වූ අසත්‍ය වාර්තා පිළිබඳව එම නාලිකාව මෙලෙස සිය ස්ථාවරය නිවැරදි කර ගෙන තිබේ.

ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?
බස් රථවල ගමන් ගන්නා මගීන්ට දැනුම්දීමක්
ඉන්දීය උප ජනපති දිවයිනට (ඡායාරූප)
දියේ ගිලීමෙන් සිදු වූ මරණ ගණන තවදුරටත් ඉහළට
හෙට සිට කාලගුණයේ දැනෙන වෙනසක්