ලොව පුරා පාපන්දු ලෝලීන් ඉමහත් උනන්දුවෙන් බලා සිටින 2026 FIFA පාපන්දු ලෝක කුසලානය එළඹෙන 2026 වසරේ ජුනි මස 11 වනදා සිට ජූලි මස 19 වනදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් මේ වන විටත් ලොව බොහෝ රටවල් සඳහා නිල රූපවාහිනී විකාශන ආයතනයන් නම් කර අවසන්ව තිබුණද, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති වීම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, 2026 සහ 2030 පාපන්දු ලෝක කුසලාන තරගාවලි විකාශනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඇතුළුව ඉන්දියානු කලාපයේ කිසිදු රූපවාහිනී ආයතනයක් මෙතෙක් සිය ලංසු ඉදිරිපත් කර නොමැත. මෙය භූමිය මත පදනම් වූ රූපවාහිනී (Terrestrial TV) මෙන්ම ගෙවන රූපවාහිනී (Pay TV – Satellite/Cable) යන අංශ දෙකටම පොදු තත්ත්වයකි.
සාමාන්‍යයෙන් ලෝක කුසලානයක් විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා රූපවාහිනී සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් මිලියන 35ත් 100ත් අතර අතිමහත් ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවන බව වාර්තා වේ.
ඉන්දියානු කලාපයේ ප්‍රධාන පෙළේ රූපවාහිනී ජාල පවා මෙම වටිනා අවස්ථාව සඳහා ලංසු ඉදිරිපත් කිරීමට මැළිකමක් දැක්වීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇත.
2026 ලෝක කුසලානය උතුරු ඇමෙරිකානු කලාපයේ පැවැත්වෙන බැවින්, ඉන්දියානු සම්මත වේලාවට අනුව තරග බහුතරයක් විකාශය වන්නේ අලුයම් කාලයේදීය. මේ හේතුවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය සහ වෙළඳ දැන්වීම් ආදායම පහත වැටීමේ අවදානමක් පවතී.
විකාශන අයිතිය ලබා ගැනීමට වැය කළ යුතු අතිවිශාල මුදලට සාපේක්ෂව ඉන් ලාභයක් ලැබීමේ හැකියාව පිළිබඳව පවතින අවිශ්චිතතාවයක්ද පවතී.

ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
බස් රථවල ගමන් ගන්නා මගීන්ට දැනුම්දීමක්
ඉන්දීය උප ජනපති දිවයිනට (ඡායාරූප)
දියේ ගිලීමෙන් සිදු වූ මරණ ගණන තවදුරටත් ඉහළට
හෙට සිට කාලගුණයේ දැනෙන වෙනසක්
‘හිරු නාලිකාව’ ඇමැති ලාල්ට ප්‍රසිද්ධියේ සොරි කියයි(වීඩියෝ)