ගිනිඅවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට පැමිණි සංචාරක පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් මෙම ගැටුමට මුල් වී තිබේ.
එහිදී හිටපු මන්ත්‍රීවරයා තමා සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා එම පිරිස බියගන්වා මරණ තර්ජනය කළ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (21) පස්වරුවේ ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්තේය.
පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ සැකකරු සන්තකයේ තිබූ ගිනිඅවිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් පසු අලුත් කර නොමැති බවයි.

සුරේෂ් සලේට එරෙහි නඩුවට අද ලැබුණු නියෝගය
ලාල්කාන්ත පවු! විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්!
රාජාංගනය සද්ධාරතන හිමි අවසන් තීරණය මැයි 20 වනදා
ප්‍රේමලාල් ජයසේකරට ඇප
LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්
විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය