Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

4 hours ago

ගිනිඅවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට පැමිණි සංචාරක පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් මෙම ගැටුමට මුල් වී තිබේ.

එහිදී හිටපු මන්ත්‍රීවරයා තමා සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා එම පිරිස බියගන්වා මරණ තර්ජනය කළ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (21) පස්වරුවේ ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්තේය.

පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ සැකකරු සන්තකයේ තිබූ ගිනිඅවිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් පසු අලුත් කර නොමැති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *