රාජාංගනය සද්ධාරතන ස්වාමීන්වහන්සේට ලබා දී ඇති ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද දින අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අශිෂ්ට හා අසභ්‍ය වචන භාවිත කරමින් හැසිරී ඇති බවයි.
මෙමඟින් උන්වහන්සේට මීට පෙර පනවා තිබූ ඇප කොන්දේසි සෘජුවම උල්ලංඝනය වී ඇති බැවින්, වහාම ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස CID නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, මෙම ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන අවසන් තීරණය මැයි මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

සුරේෂ් සලේට එරෙහි නඩුවට අද ලැබුණු නියෝගය
ලාල්කාන්ත පවු! විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්!
ප්‍රේමලාල් ජයසේකරට ඇප
LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්
විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය