Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්

5 hours ago

ජනශක්ති ලිමිටඩ් විසින් පසුගියා දා විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා ඊට ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් තුන්ගුණයකට වැඩි කොටස් ප්‍රමාණයක් සඳහා අයදුම්පත් කර තිබෙන බව අදාළ නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන S S P CORPORATE SERVICES (PRIVATE) LIMITED  විසින් දන්වා සිටී.

මෙම නිකුතුවේ දී කොටස් 500,000,000 ක් එකක් රු. 10 බැගින් මහජනයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අතර කොටස් 1,516,414,500ක් වෙනුවෙන් අයදුම්කර තිබෙන බව S S P CORPORATE SERVICES සඳහන් කරයි. ඒ අනුව ඉල්ලුම් කර තිබෙන කොටස්වල සම්පූර්ණ වටිනාකම රු. 15,164,145,000.00 කි.

මේ සම්බන්ධයෙන් S S P CORPORATE SERVICES (PRIVATE) LIMITED විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරන ලද දැනුම් දීම පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *