Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රේමලාල් ජයසේකරට ඇප

1 hour ago

ගිනිඅවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇප මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් සහ රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත ඔහුව මුදා හැරීමට නියම කෙරුණි.

ප්‍රේමලාල් ජයසේකර මහතා සතුව තිබූ ගිනිඅවියේ බලපත්‍රය කල් ඉකුත් වී ඇති බවට මීට පෙර වාර්තා වුවද, පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පිස්තෝලය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නීත්‍යානුකූල අවසරය හිමිව ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බලපත්‍රයේ මුල් පිටපත ඔහු සන්තකයේ නොතිබුණ ද, ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එය නීත්‍යානුකූල අවියක් බව තහවුරු වී ඇති බව නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *