Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලාල්කාන්ත පවු! විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්!

55 minutes ago

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා සියල්ල විවෘතව ප්‍රකාශ කිරීම නිසා එක් අතකින් අසරණ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් පාලන තන්ත්‍රය තුළ ලාල් කාන්ත මහතාට වඩා අතිවිශාල ධනයක් හිමි, නමුත් එම වත්කම් සඟවාගෙන සිටින පුද්ගලයන් රැසක් සිටින බවයි.

රූපවාහිනි නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ලාල් කාන්ත අමාත්‍යවරයා සිය නිවසේ පැවති පින්කමකට ජනාධිපතිවරයා සහ අගමැතිනිය ගෙන්වා ගැනීමත් සමඟ ඔහුගේ වත්කම් පිළිබඳ සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා සිය මාධ්‍ය ඒකකය සමඟ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නිවසට පැමිණීම නිසා මෙම දර්ශන ප්‍රසිද්ධ වූ බවත්, ඒ හරහා පරස්පරතා රැසක් මතු වී ඇති බවත් විමල් වීරවංශ මහතා පවසනවා.

ලාල්කාන්ත අමාත්‍යවරයා විවෘතව කටයුතු කිරීම නිසා මෙම විවේචන එල්ල වුවද, ආණ්ඩුවේ අනෙකුත් ප්‍රබලයන් සතු ධනය පිළිබඳව මෙතෙක් නිසි අනාවරණයක් සිදුව නොමැති බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

එමෙන්ම ලාල් කාන්ත මහතා මීට පෙර සිය ආර්ථික අපහසුතා පිළිබඳව කළ ප්‍රකාශ සහ වත්මන් වත්කම් අතර ඇති පරස්පරතාව පිළිබඳව විමල් වීරවංශ මහතා චෝදනා එල්ල කළ අතර ඔහු මෙය හඳුන්වා දුන්නේ දුක විකුණාගෙන කෑමක් ලෙසයි.

මේ අතර සමාජ ප්‍රාග්ධනය පිළිබඳව මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ, ලාල් කාන්ත මහතා පවසන ආකාරයට මිනිසුන් මුදල් ලබා දෙන්නේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයට වඩා ඔහු දරන ඇමතිකම නිසා බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *