ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව මැයි මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.
මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.
ඒ අනුව මෙම නඩුව මැයි මස 29 වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරිය නියම කර තිබේ.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කිරීමට යෝජනාවක්
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්
හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ඇසෙන අලුත්ම පුවත
හැකර්වරුන් මෙරට භාණ්ඩාගාරයෙන් සොරාගත් මුදල ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්