විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
IRIS Dena නෞකාවේ සිටි නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සක්‍රීය දායකත්වය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය. විශේෂයෙන්ම මියගිය නාවිකයින්ගේ දේහයන් නැවත ඉරානය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකාව දැක්වූ සහාය ඉරාන රජයේ ඇගයීමට ලක්ව ඇති බව මෙරට ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අමෙරිකා එක්සත් ජනපදය විසින් IRIS Dena නෞකාව ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය අරග්චි මහතා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දක්වා ඇත. ඔහු පෙන්වා දෙන්නේ මෙය 1949 ජිනීවා සම්මුතීන් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කළ “පෙර නොවූ විරූ යුද අපරාධයක්” බවයි. මෙම සිදුවීම ඉරානය කිසිදා අමතක නොකරන බවත්, ඊට වගකිවයුතු පිරිස් නීතිය හමුවට පැමිණවීමට ජාත්‍යන්තර මට්ටමින් සියලු නීතිමය සහ දේශපාලනික මංපෙත් භාවිතා කරන බවත් ඔහු අවධාරණය කළේය.

13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කිරීමට යෝජනාවක්
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්
හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ඇසෙන අලුත්ම පුවත
හැකර්වරුන් මෙරට භාණ්ඩාගාරයෙන් සොරාගත් මුදල ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්