විදේශීය ණය ගෙවීමකදී මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මේ බව ලිඛිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත දැනුම් දී තිබේ. මෙම මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට අද (30) දිනයේදී මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දන්වා තිබුණි.
කෙසේ වෙතත්, අද දින කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව දැනුම් දෙමින් ලේකම්වරයා පවසා ඇත්තේ, මෙම සංවේදී මූල්‍ය සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින්ම සෘජුවම පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බැවින් තමන් කාරක සභාව හමුවට නොපැමිණෙන බවයි.

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි