උතුරු සහ දකුණු අර්ධ ගෝලවලින් පැමිණෙන සුළං එකිනෙක මුණගැසෙන ‘අන්තර් නිවර්තන අභිසාරී කලාපය’ (ITCZ) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් හෙට (06) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරු 1.00න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර එම ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, ඌව, නැගෙනහිර පළාත්වල සහ ගාල්ල, මාතර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැක.
මීට අමතරව උතුරු, උතුරු-මැද සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං ද බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! සිසුන් 13ක් රෝහලට! (වීඩියෝ)
ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළට
දශක 5ක ආධිපත්‍ය බිඳ දමමින් සුපිරි නළු විජේ ලැබූ ජය
ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි! හිටපු මහ ඇමතිට අසුනත් අහිමි වෙයි!
2026 මුල් මාස 03දී වාහන ආනයනය සඳහා වැය වූ මුදල
විදුලි දුම්රියෙහි වැඩ ඇරඹෙන දිනය
රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරයි
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට
තැබූ පියවර ආපසු හරවන්නේ නෑ! ජනපති දැඩිව අවධාරණය කරයි!
දුරගමන් සේවා බස් රථවල ආසන වෙන් කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි