සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති “කම්බන් උළෙල” සඳහා එක් වෙමිනි.
දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයක් වන කම්බන් උත්සවයට එක් වූ ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලැබිණි.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මනුෂ්‍යත්වය පෙරටුකරගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී තිබෙන බවය.
මේ රටේ සියලුම ජනතාවට එකමුතුවෙන් සහ සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉටුකරන මෙහෙවර අගයමින් කම්බන් සම්මානයෙන් ජනාධිපතිවරයාව පිදුම් ලැබීමද මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980දී යාපනයේ පිහිටුවන ලදී. තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමඟින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීම මෙහි අරමුණ වන අතර කලගම් සංවිධානය විසින් වාර්ෂිකව කම්බන් උළෙල සංවිධානය කරනු ලබයි.
ශ්‍රී ලාංකික සමාජයේ උන්නතිය සඳහා කටයුතු කළ කීර්තිමත් පුද්ගලයින්ට වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව එහිදී ගෞරව පුද කරන අතර පෙර වසරවලදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයෝ රැසක් සම්මානයෙන් පිදුම් ලැබූහ.

දුරගමන් සේවා බස් රථවල ආසන වෙන් කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂනායකගෙන් x සටහනක්
වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි
ඇමති ලාල් කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CIDයට
ඉන්දීය සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පෙරමුණ ගනී
රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය