ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙම නඩුකරය ඉකුත් 28 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.
එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එදින විරෝධය පළ කළේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර
විජේට සුබ පතමින් දිලිත් තැබූ සටහන
සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තලපති විජේගේ රියදුරාගේ පුතාටත් මන්ත්‍රී අසුනක් හිමිවෙයි
තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්
පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක්
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! සිසුන් 13ක් රෝහලට! (වීඩියෝ)
ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළට
හෙට සිට වෙනස්වන කාලගුණය
දශක 5ක ආධිපත්‍ය බිඳ දමමින් සුපිරි නළු විජේ ලැබූ ජය
ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!